Basic
- Blog Tools
Import blog : මේ පහසුකම අපිට ඕන වෙන්නෙ බ්ලොග් එකක් ට්‍රාන්ස්ෆර් කරන විටයි. අපිට xml ෆයිල් එකක් විදිටයට තවත් බ්ලොග් එකක් පොස්ට් සහ ක්මෙන්ට් ටික මේ හරහා අපේ බ්ලොග් එකට ඇතුලත් කල හැකියි.
Export blog : මේකෙන් කරන්නෙ අපේ බ්ලොග් එකේ පොස්ට් වල සහ ක්මෙන්ට් වල බැකප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ලබාදීමයි. අපිට එම බැකප් එක වෙන බ්ලොග් එකකට අප් කරන්නත් පුලුවන් නමුත් මේක බහුලවම භාවිතා වෙන්නෙ බ්ලොග් එක බැකප් කිරීමටයි. හදිසියෙන්වත් අපේ බ්ලොග් එක ඩිලීට් උනොත් මේ බැකප් එක ආදාරයෙන් සියලුම පොස්ට් සහ කමෙන්ට්ස් අපිට නැවත ලබා ගන්න පුලුවන්.එම නිසා සතියට එක පාරක් වත් ඔබගේ බ්ලොග් එක බැකප් කරන්න.
Delete blog : මේකෙන් කරන්නෙ අපේ බ්ලොග් එක ඩිලීට් කරන එකයි. ඒක නිසා බ්ලොග් එකට ආසවක් නැත්තම් ඇරෙන්න ඕක ක්ලික් කරන්න එපා.:P
- Description : ඔබේ බ්ලොග් එක ගැන කෙටි හැදින්වීමක් මෙතනට ලබා දෙන්න.
- Add your blog to our listings? : මේකට Yse කියල ලබා දෙන්න.එතකොට අපේ බ්ලොග් එක බ්ලොගර් ලිස්ටිං වලට ඇඩ් වෙනවා.
- Let search engines find your blog? : මේකට Yse ලබාදෙන්න. එතකොට තමයි අපේ බ්ලොග් එක Google, Yahoo වගේ ප්‍රධාන සෙවුම් යන්ත්‍ර වලට ඇඩ් වෙන්නෙ. No ලබාදුන්නොත් කිසිම සෙවුම් යන්ත්‍රයකට අපේ බ්ලොග් එක ඇඩ් වෙන්නෙ නැ.
- Show Quick Editing on your Blog? : මෙමගින් ඔබට බ්ලොගර් වලට ලොග් වෙලා ඉන්න විට ඩෑශ් බෝඩ් එකට නොගොස් බ්ලොග් එක තුලදීම පොස්ට් එඩිට් කිරීම වැනි වෙනස් කම් සිදු කිරීමේ අවස්තාව ලැබෙනවා. ඔබේ කැමත්තට අනූව ලබාදෙන්න.
- Show Email Post links? : මෙහිදී කුඩා ඊමේල් අයිකන් එකක් පෝස්ට් එකට ඇඩ් වෙනවා. එමගින් බ්ලොග් එක කියවන අයට ඉතාම පහසුවෙන් ඔබගේ පොස්ට් එක එයාලගෙ යහලුවන්ට ඊමේල් කරන්න ඉඩ ලැබෙනවා. ඔබට එය අවශ්‍ය නම් Yes තෝරන්න. එම පහසුකම අනවශ්‍ය නම් No තෝරන්න.
- Adult Content? : ඔබගේ බ්ලොග් අඩවියේ වැඩිහිටියන්ට පමනක් සුදුසු දෑ අඩංගු වන්නෙ නම් Yes ලබා දෙන්න. කුඩා දරුවන් ඇතුලු සියල්ලට නැරබිය හැකි අන්තරගතයක් අඩංගු නම් No ලබා දෙන්න. ඔබ Yes ලබා දුන්නොත් කිසිවකු ඔබගේ බ්ලොග් අඩවියට පිවිසීමට උත්සහා කරනවිට වැඩිහිටියන්ට පමනක් සුදුසු දෑ අඩංගු බ්ලොග් අඩවියක් බව දැනුම් දෙන අවවාදයක් ඔහුට ප්‍රතමයෙන් දිස් වේවි.
- Select post editor :
Updated Editor : මෙය තමයි නවතම පෝස්ට් එඩිටරය මෙහි මුල් පිටුවේදී පොස්ට් වල කොටසක් පමනක් දිස් වනසේ රීඩ්මෝ බොත්තම ඇඩ් කිරීම වැනි නව පහසුකම් රාශියක් අන්තර්ගත බැවින් මෙය තෝරා ගැනීම වඩාත්ම සුදුසුයි.
Old editor : මෙය පැරනි පොස් එඩිටරයයි. ඔබට එය වඩාත් පහසු යැයි හැගේ නම් පමනක් එය තෝරා ගන්න.
Hide compose mode : ඔබට HTML හොදින් පලපුරුදු නම් පමනක් මෙය තෝරා ගන්න. HTML ගැන ඔබ සතු දැනුම අල්ප නම් කිසිවිටකත් මෙය තෝරා නොගන්න.
- Enable transliteration? : ඔබට හින්දි දෙමළ ආදී භාශා වලට පරිවර්තනයි කිරීම අවැසි නම් පමනක් මෙය Enable කරන්න. නැතහොත් Disable ලෙස තෝරන්න.
Publishing
මෙමගින් ඔබට ඔබගේ බ්ලොග් එකට කස්ටම් ඩොමේන් එකක් ඇඩ් කිරීමේ පහසුකම සලසා දෙනවා. එනම් http://yourblogname.blogspot.com යන්න http://yourblogname.com ලෙස ඔබට වෙනස් කල හැකියි. මෙය සිදු කරන ආකාරය ගැන පසුව විස්තර සහිත ලිපියක් පල කරන අතර දැනට එහි කිසිදු වෙනස් කමක් නොකරන්න.
Formatting
- Show at most : මෙහි ඔබට බ්ලොග් අඩවියෙහි මුල් පිටුවේ දර්ශනය විය යුතු පොස්ට් සංක්‍යාව තෝරන්න. උදාහරනයක් ලෙස 7, ඉදිරියෙන් ඇති ඩ්‍රොප් ඩවුන් මෙනුවෙන් Posts හා Days අතරින් Posts තෝරන්න.එවිට ඉහත පරිදි 7 ලබාදී තිබුනහොත් මුල් පිටුවෙහි පොස්ට් 7 ක් පමනක් දර්ශනය වේ.
- Date Header Format : ඔබගේ පොස්ට් වලට ඉහලින් දිනය සටහන් වන ආකරය මෙමගින් වෙනස් කල හැකිය.ඔබට වඩා උචිත යැයි හැගෙන ආකාරයක් තෝරාගන්න.
- Archive Index Date Format : archive index එක සදහා ඩේට් ෆෝමැට් එක මෙමගින් තෝරාගත හැකිය.
- Timestamp Format : ඔබ පොස්ට් එකක් පලකල වේලාව දිස්වෙන ආකාරය මෙමගින් පාලනය වේ.ඔබට කැමති ටයිම් ෆෝමැට් එකක් තෝරාගන්න.
- Time Zone : ඔබට අදාල ටයිම් සෝන් එක තෝරාගන්න. උදාහරනයක් ලෙස ලංකාව සදහා (GMT+05.30) Colombo
- Language : ඔබට බ්ලොග් එකේ භාවිතා කිරිමට අවශ්‍ය භාශාව මෙමගින් තෝරාගත හැක.
- Convert line breaks : මෙමගින් ඔබ ලිපියක් ලියන අතර තුර Enter කී එක ඔබන සෑම වාරයක් පාසාම ස්වයංක්‍රියව ලයින් බ්රේක් ඇඩ් කිරීම සිදුවේ.(සිංහලෙන් කියනවනම් මේ කියන්නෙ Enter කී එක එබුවම cursor එක ඊලග පේලියට යනව කියන එක :D) මෙය Yes ලෙස තෝරන්න.
- Enable Dynamic Views : ඔබගේ බ්ලොග් එකේ අන්තරගතය දර්ශනය කල හැකි වෙනත් ආකාර මෙමගින් සක්‍රීය කිරීම හෝ අක්‍රීය කිරීම මෙමගින් සිදුකෙරේ. මෙයට Yes ලබාදීම වඩා සුදුසුයි.
- Show Title field : ඔබගේ පොස්ට් වල ටයිටල් එක පෙන්වීම හෝ නොපොන්වීම මෙමගින් තීරනය වේ. Yes ලබාදීම වඩා සුදුසුයි. නමුත් ඔබට ටයිටල් එක අනවශ්‍ය නම් පමනක් No ලබාදෙන්න.
- Show Link fields : ඔබගේ ලිපි අන්තර්ජාලයේ ඇතිවෙනත් ලිපි මත පදනම් වන්නෙනම් හා ඔබට ඔබගේ පොස්ට් එක තුලින් නැවත් මුල් ලිපියට ලින්ක් කිරීමට අවශ්‍යනම් පමනක් Yes තෝරන්න. නැතහොත් No තෝරන්න.
- Enable float alignment : මේ සදහා Yes තෙරීම මගින් ඔබට ඉතා පහසුවෙන් ඔබගේ ලිපි වල ටෙක්ස්ට් සහ ඉමේජ් පිහිටන අයුරු අවශ්‍ය ආකාරයට පෙළගස්වාගත හැකිය.
- Post Template : මෙතනට ඇතුල් කරන ඕනෑම ටෙක්ස්ට් එකක් හෝ කේතයක් ඔබ අලුතෙන් ලියන ලිපි සියල්ලටම ස්වයංක්‍රීයව ඇඩ් වෙන අතර blog signature යෙදීම සදහා බහුලවම භාවිතාවේ.
Comments
- Comments : පාඨකයන් විසින් ඇතුලත් කරනු ලබන ප්‍රතිචාර බ්ලොග් අඩවියෙහි දර්ශනය කිරීම හෝ නොකිරීම මෙමගින් පාලනය කල හැක. දර්ශනය වීමට නම් Yes තෝරන්න.
- Who Can Comment? :
Anyone : මෙය තේරිම මගින් නිර්නාමික පුද්ගලන් ඇතුලුව සියලු දෙනාට ඔබගේ බ්ලොග් එකට ප්‍රතිචාර එක් කිරීමට හැකියාව ලැබේ.
Registered Users : Google, Live Journal, Wordpress, Type pad, AIM, හා OpenID යන සේවාවන්හි ලියාපදිංචි ගිණුම් දරන්නන්ට පමනක් ඔබගේ බ්ලොග් එකට ප්‍රතිචාර එක් කිරීමට හැකියාව ලැබේ.
Users with Google Accounts : ගූගල් ගිණුම් ඇති අයට පමනක් ඔබගේ බ්ලොග් එකට ප්‍රතිචාර එක් කිරීමට හැකියාව ලැබේ.
Only members of this blog : ඔබගේ බ්ලොග් එකේ සාමාජිකයන් හට පමනක් ඔබගේ බ්ලොග් එකට ප්‍රතිචාර එක් කිරීමට හැකියාව ලැබේ. අධ්‍යාපනික සමූහයක් වැනි සමූහ සදහා වෙන් උන අඩවි වල මෙය භවිතා කෙරේ.
- Comment Form Placement :
Full page : මෙය තෝරාගැනීමෙන් ඔබගේ පොස්ට් පිටුවෙන් වෙන්වූ නව කමෙන්ට් ෆෝම් පිටුවක කමෙන්ට් දර්ශනය වේ.
Pop-up window : මෙමගින් කමෙන්ට් බොක්ස් එක පොප් අප් වින්ඩෝ එකක දර්ශනය කරවයි.
Embedded below post : මෙහිදී කමෙන්ට් බොක්ස් එක ඔබගේ පොස්ට් එකට වහාම පහලින් දිස් වන අතර කමෙන්ට් කිරීම සදහා කිසිදු ලින්ක් එකක් හරහා යෑම අවශ්‍ය නොවේ. මෙය වඩාත්ම බහුලව භාවිතාවන ආකාරය මෙන්ම වඩාතම සුදුසුම ආකාරයද වේ.
- Comments Default for Posts : ඔබගේ ලිපි සදහා කමෙන්ට් කිරීමට ඉඩ ලබා දීමට New posts Have Comments තෝරන්න.ඔබගේ ලිපි යටින් කමෙන්ට් බොක්ස් එක දිස් නොවීමට එනම් කමෙන්ට් ඕෆ් කිරීමට New Posts Do not have comments යන්න තෝරන්න.
- Backlinks : ඔබගේ බ්ලොග් පොස්ට් එකට අන්තර්ජාලය තුල ඇති වෙනත් අඩවියකින් ලින්ක් කර ඇත්නම් ඔබගේ පොස්ට් එක තුල ඉහත අඩවියේ ලින්ක් එක සහ එම ලිපියෙන් කුඩා කොටසක් දර්ශනය වේ.
- Backlinks Default for Posts : Comments Default for Posts ආකාරයටමයි. එකම වෙනස එය කමෙන්ට්ස් වෙනුවට බැක්ලින්ක් සදහා මෙවර අදාල වීමයි.
- Comments Timestamp Format : කමෙන්ට් සදහා ඔබ කැමති ඩේට් ෆෝමැට් එක තෝරන්න.
- Comment Form Message : මෙහි ඔබ ඇතුලත් කරන ඕනෑම පනිවිඩයක් ක්මෙන්ට් බොක්ස් එකට ඉහලින් දිස්වේ.
- Comment moderation :ඔබ විසින් කියවා අනුමත කිරීමෙන් පමනක් ප්‍රතිචාර දිස්වීම සදහා Always යන්න තෝරන්න. මෙහෙදී ඔබට අනවශ්‍ය ප්‍රතිචාර වෙබ් අඩවියේ පළ නොවීම ඩිලීට් කිරීමට ඔබට අවස්තාව සැලසේ. ඔබ තෝරාගන්නා දිනගනනක පෙර (උදා:සති දෙකකට) පළවූ පොස්ට් සදහා යොමුවන ප්‍රතිචාර පමනක් අනුමැතිය සදහා දිස් වීමට Only on posts older than __ days යන්න තෝරන්න.කිසිදු පූර්ව පරීක්ශාවකින් තොරව ලැබෙන ප්‍රතිචාර එවෙලේම ඔබගේ අඩවියේ පලවීමට Never යන්න තෝරන්න. එමෙනම ඔබ කැමතිනම් පහතින් ඔබගේ ඊමේල් ලිපිනට ඇතුලත් කිරීම මගින් ප්‍රතිචාරයක් පැමිනි විගස ඔබගේ ඊමේල් ලිපිනයට ප්‍රතිචාරය අඩංගු දැනුම්දීමක් ලබාගත හැකිය.
- Show word verification for comments? : මෙයට Yes තේරීම මගින් පාඨකයන් හට ප්‍රතිචාරයක් ඇතුලත් කිරීමට පෙර වදන් සත්යාපනක් එනම් ඉමේජ් එකක් දිස්වන අකුරු නිවරදිව කියවා පහලින් ඇතුලත් කිරීමට සිදුවේ. මෙමගින් ස්පෑම් අවමකරගත හැකි නමුත් පාඨකයන් ප්‍රතිචාර දැක්වීමට මැලිවේ.
- Show profile images on comments? : ප්‍රතිචාරය සමග පාඨකයාගේ ප්‍රොෆයිල් ඉමේජ් එකෙ දර්ශනය වීමට Yes ලබාදෙන්න. නැතිනම් No ලබාදෙන්න.
- Comment Notification Email : නවතම ප්‍රතිචාර ගැන දැනුම්දීමට අවශ්‍ය ඊමේල් ලිපින දහයක් දක්වා මෙහි ඇතුල් කල හැක.
Archiving
- Archive Frequency : මෙහිදී ඔබගේ බ්ලොග් අඩවියෙහි blog archives දිස්විය යුත්තේ දෙනිකවද සති වශයෙන්ද මාසිකවද කියා ලබාදිය හැකි අතර Monthly ලෙස ලබා දීම වඩාත් යෝග්‍යවේ.
- Enable Post Pages? : Yse ලබාදෙන්න.
- Allow Blog Feeds : None, Short, හෝ Full අතරින් Full තෝරා ගන්න.
- Post Feed Redirect URL : ඔබ Feedburner භාවිතා කරන්නේ නම් එම ෆීඩ් ලිපිනය මෙතනට ඇඩ් කරන්න. නැත්නම් එය හිස්ව තිබෙන්නට හරින්න.
- Post Feed Footer : ඔබට මෙහි ඔබගේ පෝස්ට් ෆීඩ් එකට පහලින් දිස්වීමට අවශ්‍ය දැන්වීමක් හෝ එවැන්නක කේතය (කෝඩ් එක) ඇතුලත් කල හැක.
Email & Mobile
- Show mobile template : මෙහි Yes තේරීම මගින් ඔබට ඔබගේ බ්ලොග් ටෙම්ප්ලේට් එකේ මොබයිල් ව'ශන් එක ක්‍රියත්මක කරගත හැකි අතර අනවශ්‍ය නම් No තෝරාගත හැකිය.
- BlogSend Address : නව ලිපියක් බ්ලොග් එකේ පලකල විට ඒබව ඊමේල් මගින් දැනුම්දීමට අවශ්‍ය අයගේ ඊමේල් ලිපින මෙහි ඇතුලත් කරන්න.
- Email Posting Address : Mail2Blogger ලෙසින් හැදින්වෙන මෙම පහසුකම අත්විදීමට ඔබ මුලින්ම example.post@blogger.com හෝ example.yourblogname@blogger.com ලෙස රසහ් වදනක් ලබාදෙන්න. ඉහත උදාහරනයෙහි මෙන් නොව වඩාත් අනුමාන කිරීමට අපහසු වදනක් ලබා දෙන්න. මෙම ලිපිනය දන්නා ඔනෑම අයකුට ඔබගේ බ්ලොග් එකට පොස්ට් ඇතුලත් කල හැකි හෙයින් මෙය රහසිගතව තබාගන්න.
ඔබ Publish emails immediately තෝරා ඇති විට ඔබ විසින් ඉහත සෑදු ලිපිනයට යොමු කරන ඊමේල් එකක අඩංගු අන්තර්ගතය බ්ලොග් පොස්ට් එකක් ලෙස පලවේ.
Save emails as draft posts තේරූ විට පොස්ට් එක draft එකක් ලෙස සේවු වී පවති. ඔබට පසුව ඩෑශ් බෝඩ් එක හරහා ඒවා පලකල හැකි අතර ඔබ Disabled තෝරා ඇති විට මෙමෙ පහසුකම ක්‍රියාත්මක නෙවේ. බොහෝ අය තම බ්ලොග් අඩවියේ ආරක්ශාව උදෙසා මෙමෙ පහසුකම අක්‍රිය කොට තබයි.
- Mobile Devices : මෙමගින් ඔබගේ ජංගම දුරකතනය මගින් බ්ලොග් පොස්ට් පල කිරීමේ පහසුකම ලබාදේ.
OpenID
මෙමගින් කියවෙන්නෙ ඔබගේ බ්ලොග් ලිපිනය OpenID ලිපිනයක් ලෙස යොදාගත හැකි බවයි.ඔබට ඔබගේ බ්ලොගර් ප්‍රොෆයිල් එක මගින් ඕනෑම බ්ලොග් එකක් කමෙන්ට් දැමිය හැකි බැවින් සාපේක්ශව මෙහි එතරම් වටිනාකමක් නැත.
Permissions
- Blog Authors : මෙමගින් ඔබට වෙනත් කතෘවරුන් ඔබගේ බ්ලොග් එකට සම්බන්ද කරගත හැක. Add Authors බොත්තම ක්ලික් කර අවශ්‍ය පුද්ගයාගේ ජීමේල් ලිපිනය ලබාදෙන්න. හැම විටකදීම ඇඩ්මින් පවස් ඔබ සතුව තබාගන්න. මොකද ඔබ වෙනත් කිසිවෙකුට එම බලතල ලබාදුනහොත් ඔහුට ඔබව ඔබගේ බ්ලොග් එකෙන් රිමූ කිරීමට පවා හැකි බැවිනි.
- Who can view this blog? : මෙමගින් ඔබට ඔබගේ බ්ලොග් එක නැරබිය හැක්කේ කාටදැයි තීරනය කල හැක. ඕනැම අයෙකුට නැරබීම හැකිවීම සදහා Anybody ද තෝරාගත් පුද්ගලයන් සදහා පමනක් නම් Only people I choose ද ඔබ පමනක් බැලියයුතුයැයි ඔබට සිතෙන්නේ නම් :P පමනක් Only blog authors ද තෝරන්න.
Click here to Subscribe to FREE email updates from "Blogger in Sinhala", so that you do not miss out anything that can be valuable to you and your blog!!
0 comments:
Post a Comment