rss

Sunday, June 12, 2011

බ්ලොග් පිළිබද කෙටි හැදින්වීමක් සහ නිර්මානය කරගන්නා අයුරු

සයිබර් අවකාශය තුල බ්ලොග් නිර්මානය වර්තමානයේ ඉතාම ජනප්‍රියවී තිබෙන අතර සෑම දිනකදීම අතිවිශාල බ්ලොග් සංක්‍යාවක් අලුතෙන් අන්තර්ජාලයට එකතුවෙනවා. ලංකාවේත් දැන් බ්ලොග් නිර්මානය කිරීමේ නව ප්‍රවනතාවයක් ඇතිවී තිබෙන නමුත් සිංහල බසින් බ්ලොග් නිර්මානය ගැන ලියවුනු වෙබ් අඩවි නම් ඇත්තේ අල්පයක් පමනයි. එම නිසා සරල බසින් බ්ලොග් නිර්මානය ගැන ඔබට සුලු හෝ දැනුමක් ලබාදීම අරමුනු කොටගෙනයි මෙ බ්ලොග් අඩවිය එලිදකින්නෙ

බ්ලොග් එකක් යනු කුමක්ද?
වෙබ් ලොග් යන්න කෙටි කර බ්ලොග් නමින් හදුන්වනවා.බ්ලොග් එකක් කියන්නෙ වෙබ් පිටුවල ලිපි, සරලව කියනවනම් පොස්ට් දර්ශනය කරවන වෙබ් ඇප්ලිකේශන් එකක්. මෙම පොස්ට් පල කල දිනයට අනුරූපව තමයි දිස් වන්නෙ. ඒ කියන්නෙ අපි බ්ලොග් එකක් බලන කොට මුලින්ම පෙන්වන්නේ නවතම ලිපි, බ්ලොග් ඒකේ මුලින්ම දාපු ලිපිය අන්තිමට තමයි පෙන්වන්නෙ. හැම තිස්සෙම අලුතෙන් පල කරන ලිපි තමයි මුලින්ම පෙන්නවන්නෙ.

බ්ලොග් එකක් සාදාගන්නා ආකාරය
අන්තර්ජාලය තුල බ්ලොග් එකක් සෑදීම සදහා කිසිදු වියදමක් දැරීමට සිදු නොවේ. නොමිලේ බ්ලොග් හොස්ටින් සේවාව ලබාදෙන ජනප්‍රිය වෙබ් අඩවි රාශියක් ඇති අතර බ්ලොගර් ඒ අතරින් වඩාත් යෝග්‍ය වේ. මෙම බ්ලොග් අඩවිය බලගැන්වෙන්නේද බ්ලොගර් මගිනි. ඔබගේ බ්ලොග් අඩවිය බ්ලොගර් භාවිතා කොට සාදාගතයුතු යැයි නියමයක් නැති අතර ඔබ බ්ලොගර් සේවාව තෝරාගත යුත්තේ එය වඩාත් භාවිතයට පහසු, තොරා ගැනීමට ෆ්‍රී ටෙම්ප්ලේට් දහස් ගනනක් ඇති, ඉතා පහසුවෙන් කස්ටම් ඩොමේන් එකක් ඇඩ් කල හැකි, හැක් කිරීමට අපහසු :P මෙන්ම නවකයන්ට පවා පහසුවෙන් හැසිරවියහැකි සේවාවක් නිසාය.

  • බ්ලොගර් යනු ගූගල් මගින් ලබාදෙන සේවාවක් නිසා ඔබට මුලින්ම ගූගල් ඊමේල් ලිපිනයක් සාදා ගැනීමට සිදුවෙනවා.

  • දෙවනුව www.blogger.com ලිපිනයට ගොස් ඔබගේ ජීමේල් ලිපිනය සහ රහස්පදය ඇතුලත්කොට සයින් ඉන් බොත්තම ක්ලික් කරන්න.


  • ඊලග පියවරේදි ඩිස්ප්ලේ නෙම් එක සදහා ඔබට කැමති නමක් ලබා දෙන්න. මෙම නම ඔබගේ බ්ලොග් අඩවියේ පොස්ට් තුල දිස්වේ.

  • ඊලග පියවරේදී ක්‍රියේට් යුව බ්ලොග් නවු බොත්තම ක්ලික් කරන්න.

  • බ්ලොග් ටයිටල් එක සදහා ඔබට අවශ්‍ය නාමය ඇතුලත් කොට බ්ලොග් යූආර්එල් එකසදහා ඔබට අවශ්‍ය ලිපිනයක් ලබාදි චෙක් ඇවේලබිලිටි මත ක්ලික් කර එය වෙනත් අයකු විසින් දැනටමත් ලබාගෙන ඇත්ද යන්න පරීක්ශාකර බලන්න. එය දැනටමත් ලබාගෙන ඇත්නම් ඔබට වෙනත් ලිපිනයක් ලබාදි නැවත පරීක්ශාකර බැලීමට සිදුවන අතර ලබාගත හැකි ලිපිනයක් ලැබෙන තුරුම මෙසේ කිරීමට සිදුවේ.


  • ඔබට ලබාගත හැකි ලිපිනයක් ලද වහාම කන්ටිනියු බොත්තම ඔබන්න.

  • ඊලග පියවරේදී ඔබට කැමති ටෙම්ප්ලේට් එකක් තෝරා නැවතත් කන්ටිනියු බොත්තම ඔබන්න.


  • දැන් ඔබ ඔබගේ බ්ලොග් එක සාර්තකව සාදා අවසාන අතර ස්ටාට් බ්ලොගින් බොත්තම ක්ලික් කල විට ඔබව පොස්ට් එඩිටර් එක වෙත යොමුවේ.


  • මෙහිදී ටයිටල් එක ලෙස ඔබ ලියන ලිපියේ මාතෘකාව ලබාදී ඔබගේ ලිපිය ලියා පබ්ලිශ් බොත්තම ඔබන්න. එවිට ඔබගේ නව බ්ලොග් අඩවිය තුල ඔබගේ පලමු ලිපිය දිස්වනු ඇත. :)

Subscribe to this Blog via Email:

Click here to Subscribe to FREE email updates from "Blogger in Sinhala", so that you do not miss out anything that can be valuable to you and your blog!!

Spread It : Share On Facebook ! Share On Google Buzz ! Add To Del.icio.us ! Share On Digg ! Share On Reddit ! Share On LinkedIn ! Post To Blogger ! Share On StumbleUpon ! Share On Friend Feed ! Share On MySpace ! Share On Yahoo Buzz ! Get These Share Buttons ! Share On Google Reader ! Google Bookmark ! Send An Email ! Blog Feed !


0 comments:


Post a Comment

 

Recent Posts

Followers

Recent Comments