rss

Thursday, June 16, 2011

ඔබගේ බ්ලොග් එකට Static පිටුවක් ඇඩ් කරමු

ඔයාලගෙ බ්ලොග් එකට Static පිටුවක් ඇඩ් කරගන්නෙ කොහොමද කියල අද අපි බලමු. මේ පිටුවලින් කෙරෙන්නෙ About, Contact Me වගේ අන්තර්ගතය වෙනස් නොවන පිටු සැදීමයි. එනම් බ්ලොග් එකේ මුල් පිටුව ගත්තම එකේ තියන අන්තර්ගතය අලුතින් පොස්ට් එකක් දාන වාරයක් පාසා වෙනස් වෙනවනෙ.මෙතනදි වෙන්නෙ අපිට අපේ බ්ලොග් එක ගැන හෝ එහි අරමුන ගැන හෝ ඔබට අවශ්‍ය ඕනැම දෙයක් කියල පිටුවක් සාදන එක. මේ පිටුව ඔබට මුල් පිටුවට පහසුවෙන් ලින්ක් කරන්නත් පුලුවන්

හොදයි දැන් අපි බලමු කොහොමද පිටුවක් හදාගන්නෙ කියලා


  • ප්‍රතමයෙන් ඔබගේ ඩෑශ්බෝඩ් එකේ Posting වෙත පිවිසෙන්න.
  • දෙවනුව Edit Pages යන්න මත ක්ලික් කරන්න.
  • දැන් එම ටැබ් එකේ ඇති New Page බොත්තම ඔබන්න.


  • දැන් ඉතින් පිටුවට ටයිටල් එකක් දීල ඔයාලට කැමති දෙයක් ලියන්න.ඊලගට පිටුව පබ්ලිශ් කරන්න.


Wednesday, June 15, 2011

බ්ලොගර්හි ටයිම්ස්ටෑම්ප් ෆෝමැට් එක වෙනස්කරගන්නා ආකාරය

දැනට භාවිතාවන බ්ලොගර් ටෙම්ප්ලේට් බොහොමයක ලිපි පලවුන දිනය දැක්වීම සදහා ඩේට්ටයිම් ෆෝමැට් එක වෙනුවට ටයිම්ස්ටෑම්ප් ෆෝමැට් එක භාවිතාකෙරේ.එවන් ටෙම්ප්ලේට් එකක් අප භාවිතා කරන්නේ නම් අප විසින් නියමිත ටයිම්ස්ටෑම්ප් ෆෝමැට්එක තෝරා තිබිය යුතුය. නැතහොත් ලිපිවල දිනය වැරදි අකාරයෙන් දර්ශනය වීම හෝ කිසිසේත් දර්ශනය නොවීම සිදුවේ. බොහෝවිට මෙය ටෙම්ප්ලේට් එකේ වරදක් ලෙස අප සිතනමුත් පහත පියවර අනුගමනයකිරීමෙන් මෙය පහසුවෙන් නිවරදි කරගත හැකිය.

  • ප්‍රතමයෙන් ඔබගේ ඩෑශ්බෝඩ් එකේ Design වෙත පිවිසෙන්න.
  • දෙවනුව Formatting යන්න මත ක්ලික් කරන්න.
  • දැන් ෆෝමැටිං ටැබ් එකේ ඇති Timestamp Format යන්න "Wednesday, June 15,2011" ලෙස වෙනස් කරන්න.


Read more බොත්තම මගින් මුල් පිටුවේ ලිපිවල අන්තර්ගතයෙන් කොටසක් පමනක් දර්ශනය කිරීම.

මෙම බ්ලොග් අඩවියෙහි ඇති සෑම ලිපියකම මුල් කොටස පමනක් මුල්පිටුවෙහි දර්ශනය වන බව ඔබට පෙනීයන්නට ඇත. ඔබට ස්ම්පූර්න ලිපිය කියවීමට අවශ්‍ය නම් මුල් පිටුවෙහි දර්ශනය වන කොටස කියවා ඊට පසුව ඇති Read more බොත්තම ඔබන්න. එවිට නව පිටුවක මුලු ලිපියම දර්ශනය වේ.

ඉතින් අද මම කියල දෙන්නෙ Read more ලින්ක් එක ඇඩ් කරන්නෙ කොහොමද කියලා.මුලින්ම බලමු මේකෙන් ඇති වැඩේ මොකද්ද කියලා. මෙම බ්ලොග් එකේ මුල් පිටුවෙ ලිපි 5ක් පමනක් පෙන්වන විදියටයි හදල තියෙන්නෙ. දැන් ඔය ලිපි පහම දිග ලිපි උනොත් මුල් පිටුවේ දිග ගොඩක් වැඩි වෙනවා. එතකොට බ්ලොග් එක ලෝඩ් වෙන්න යන වෙලාව වැඩිවෙනවා. ඒක නිසා අපි සෑම ලිපියකින්ම පොඩි කොටසක් පමනක් මුල් පිටුවේ දර්ශනය කරනවා. එතකොට මුල් පිටුව අනවශ්‍ය තරම් දිග වෙන්නෙ නෑ. ඕක තමයි මෙකෙන් කෙරෙන වැඩේ.


දැනට භාවිතාකරන ටෙම්ප්ලේට් එක වෙනස් කරන ආකාරය

ඔබගේ බ්ලොග් එක ආරම්භ කරන විට බ්ලොගර් මගින් ලැබුනු ටෙම්ප්ලේට් එක ඔබට සරල සහ ඒකාකාරී යැයි හැගේ නම් හෝ දැනට පවතින ටෙම්ප්ලේට් එක ඔබට එපාවී ඇතිනම් ඔබට පහසුවෙන්ම වෙනත් සිත්ඇදගන්නා සුලු ටෙම්ප්ලේට් එකක් ඔබගේ අඩවියට ඇතුලත් කල හැක.පලමුව දැනට පවතින ටෙම්ප්ලේට් එක බැකප් කරගන්න.දෙවනුව එහි ඇති Widgets බැකප් කරගන්න.

වෙනස් කිරීම සදහා ඔබසතුව අප්ලෝඩ් කිරීමට නව ටෙම්ප්ලේට් එකක් තිබිය යුතුය.දැනට ඔබ සතුව ටෙම්ප්ලේට් එකක් නැති නම් Btemplates  වැනි නොමිලේ ටෙම්ප්ලේට් භාගත කිරීම ලබාදෙන අඩවියකින් අවශ්‍ය ටෙම්ප්ලේට් එක ලබාගන්න.

ප්‍රතමයෙන් ඔබගේ ඩෑශ්බෝඩ් එකේ Design වෙත පිවිසෙන්න.
දෙවනුව Edit HTML යන්න මත ක්ලික් කරන්න.
දැන් browse බොත්තම ඔබා නව ටෙම්ප්ලේට් එකේ ලොකේශන් එක ලබාදී Upload බොත්තම ඔබන්න.
මෙහිදී සාමාන්යෙන් ඔබගේ Widgets ඩිලීට් වන බැවින් ඒවා මුලින් සදහන්කල පරිදි බැකප් කර තබා ගැනීම අත්‍යාවශ්‍යවේ.



මීලග ඔබට පහත ආකාරයේ පිටුවක් දර්ශනය වනු ඇත.


Widgets බැකප් කරගන්නා ආකාරය

පසුගිය ලිපියෙන් පැවසූ ආකාරයට අද අපි widget / page element බැකප් කරන ආකාරය සලකා බලමු.මෙහිදී ඔබට ප්‍රශ්නයක් නැගෙන්න පුලුවන් widget බැකප් කිරීම අත්‍යාවශද කියල? ඇත්තෙන්ම ඔවු. මොකද ඔබ ඔබගේ පැරනි ටෙම්ප්ලේට් එක වෙනුවට අලුත් එකක් ඇඩ් කරන විට widgets ඩිලීට් වන බැවිනි. එවිට ඔබට නැවතත් මේ ක්‍රමය මගින් පසුව ඒවා ඇඩ් කරගත හැකිය.

ප්‍රතමයෙන් ඔබගේ ඩෑශ්බෝඩ් එකේ Design වෙත පිවිසෙන්න. දෙවනුව Page Element යන්න මත ක්ලික් කරන්න.එවිට ඔබට පහත පින්තූරයේ මෙන් පිටුවක් දර්ශනය වනු ඇත.


එහි අඩංගු Widgets මත ඇති edit (රතු පැහැති රවුම් කොට දක්වා ඇති) මත ක්ලික් කරන්න. (ඔබ මේ ආකාරයට සියලුම Widgets මත අනුපිලිවෙලින් ක්ලික් කල යුතුය.) එවිට පහත ආකාරයේ පොප්අප් වින්ඩෝවක් ඔබට දර්ශනය වනු ඇත.


Tuesday, June 14, 2011

ඔබගේ දැනට පවතින ටෙම්ප්ලේට් එක බැකප් කරගන්නා ආකාරය

ඔබගේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස්කර ගැනීමට හෝ එහි කෝඩ් එකේ යම් වෙනස් කිරීමක් සිදුකිරීමට ඔබට ඇවසි නම් ප්‍රතමයෙන් දැනට පවතින ටෙම්ප්ලේට් එක බැකප්කරන්න. එමගින් ඔබ කෝඩ් එකේ සිදුකරන ලද වෙනස් කමක් නිසා හෝ අලුතෙන් ඇඩ් කල ටෙම්ප්ලේට් එක හරියාකාරව ක්‍රියා නොකිරීම නිසා හෝ ඔබගේ බ්ලොග් එකට කිසියම් හානියක් සිදුවුවහොත් නැවතත් වෙනස් කිරීමට කලින් තිබූ තත්වයට ඉතා පහසුවෙන් ගතහැකිය.

බැකප් කිරීම සිදුකරන්නේ කෙසේද යන්න ඔබ නොදන්නේ නම් පහත පියවර අනුගමනය කරන්න.


  • ප්‍රතමයෙන් ඔබගේ ඩෑශ්බෝඩ් එකේ Design වෙත පිවිසෙන්න.
  • දෙවනුව Edit HTML යන්න මත ක්ලික් කරන්න.
  • දැන් Backup / Restore Template යටතේ ඇති Download Full Template ලින්ක් එක මත ක්ලික් කරන්න.
  • දැන් ඩවුන්ලෝඩ් වෙන ෆයිලය ඔබගේ පරිගනකය තුල සේවු කරගන්න.


Monday, June 13, 2011

බ්ලොගර්හි Settings සාදා ගන්නා අයුරු

අද අපි කතා කරමු බ්ලොගර් වල Settings වලින් මොනවද කරන්න පුලුවන් කියලා.මුලින්ම ඔයාලගෙ බ්ලොගර් ඩෑශ් බෝඩ් එකේ Settings ටැබ් එකට යන්න.


Basic
  • Blog Tools

Import blog : මේ පහසුකම අපිට ඕන වෙන්නෙ බ්ලොග් එකක් ට්‍රාන්ස්ෆර් කරන විටයි. අපිට xml ෆයිල් එකක් විදිටයට තවත් බ්ලොග් එකක් පොස්ට් සහ ක්මෙන්ට් ටික මේ හරහා අපේ බ්ලොග් එකට ඇතුලත් කල හැකියි.

Export blog : මේකෙන් කරන්නෙ අපේ බ්ලොග් එකේ පොස්ට් වල සහ ක්මෙන්ට් වල බැකප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ලබාදීමයි. අපිට එම බැකප් එක වෙන බ්ලොග් එකකට අප් කරන්නත් පුලුවන් නමුත් මේක බහුලවම භාවිතා වෙන්නෙ බ්ලොග් එක බැකප් කිරීමටයි. හදිසියෙන්වත් අපේ බ්ලොග් එක ඩිලීට් උනොත් මේ බැකප් එක ආදාරයෙන් සියලුම පොස්ට් සහ කමෙන්ට්ස් අපිට නැවත ලබා ගන්න පුලුවන්.එම නිසා සතියට එක පාරක් වත් ඔබගේ බ්ලොග් එක බැකප් කරන්න.

Delete blog : මේකෙන් කරන්නෙ අපේ බ්ලොග් එක ඩිලීට් කරන එකයි. ඒක නිසා බ්ලොග් එකට ආසවක් නැත්තම් ඇරෙන්න ඕක ක්ලික් කරන්න එපා.:P

  • Title : ඔබගේ බ්ලොග් එකේ නාමය මෙතනට ලබාදෙන්න. උදාහරනයක් විදියට මේ බ්ලොග් එකේ නම් Blogger in සිංහල


Sunday, June 12, 2011

බ්ලොග් පිළිබද කෙටි හැදින්වීමක් සහ නිර්මානය කරගන්නා අයුරු

සයිබර් අවකාශය තුල බ්ලොග් නිර්මානය වර්තමානයේ ඉතාම ජනප්‍රියවී තිබෙන අතර සෑම දිනකදීම අතිවිශාල බ්ලොග් සංක්‍යාවක් අලුතෙන් අන්තර්ජාලයට එකතුවෙනවා. ලංකාවේත් දැන් බ්ලොග් නිර්මානය කිරීමේ නව ප්‍රවනතාවයක් ඇතිවී තිබෙන නමුත් සිංහල බසින් බ්ලොග් නිර්මානය ගැන ලියවුනු වෙබ් අඩවි නම් ඇත්තේ අල්පයක් පමනයි. එම නිසා සරල බසින් බ්ලොග් නිර්මානය ගැන ඔබට සුලු හෝ දැනුමක් ලබාදීම අරමුනු කොටගෙනයි මෙ බ්ලොග් අඩවිය එලිදකින්නෙ

බ්ලොග් එකක් යනු කුමක්ද?
වෙබ් ලොග් යන්න කෙටි කර බ්ලොග් නමින් හදුන්වනවා.බ්ලොග් එකක් කියන්නෙ වෙබ් පිටුවල ලිපි, සරලව කියනවනම් පොස්ට් දර්ශනය කරවන වෙබ් ඇප්ලිකේශන් එකක්. මෙම පොස්ට් පල කල දිනයට අනුරූපව තමයි දිස් වන්නෙ. ඒ කියන්නෙ අපි බ්ලොග් එකක් බලන කොට මුලින්ම පෙන්වන්නේ නවතම ලිපි, බ්ලොග් ඒකේ මුලින්ම දාපු ලිපිය අන්තිමට තමයි පෙන්වන්නෙ. හැම තිස්සෙම අලුතෙන් පල කරන ලිපි තමයි මුලින්ම පෙන්නවන්නෙ.

බ්ලොග් එකක් සාදාගන්නා ආකාරය
අන්තර්ජාලය තුල බ්ලොග් එකක් සෑදීම සදහා කිසිදු වියදමක් දැරීමට සිදු නොවේ. නොමිලේ බ්ලොග් හොස්ටින් සේවාව ලබාදෙන ජනප්‍රිය වෙබ් අඩවි රාශියක් ඇති අතර බ්ලොගර් ඒ අතරින් වඩාත් යෝග්‍ය වේ. මෙම බ්ලොග් අඩවිය බලගැන්වෙන්නේද බ්ලොගර් මගිනි. ඔබගේ බ්ලොග් අඩවිය බ්ලොගර් භාවිතා කොට සාදාගතයුතු යැයි නියමයක් නැති අතර ඔබ බ්ලොගර් සේවාව තෝරාගත යුත්තේ එය වඩාත් භාවිතයට පහසු, තොරා ගැනීමට ෆ්‍රී ටෙම්ප්ලේට් දහස් ගනනක් ඇති, ඉතා පහසුවෙන් කස්ටම් ඩොමේන් එකක් ඇඩ් කල හැකි, හැක් කිරීමට අපහසු :P මෙන්ම නවකයන්ට පවා පහසුවෙන් හැසිරවියහැකි සේවාවක් නිසාය.


 

Recent Posts

Followers

Recent Comments